Skip to main content

කන්තලේ ලයිට් කණු ගැලවිමේ ව්‍යාපෘතිය!



මෙවර සා.පෙළ විභාගයෙන් කන්තලේ නංගිලා මල්ලිලා ගොඩ දාන්න උදව් දෙන්න හැකි අයියලා අක්කලගෙ උදව් අවශ්‍යව ඇත. ඔබට කරන්න තියෙන්නෙ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට සිටින නංගිලා මල්ලිලට විභාගයට සූදානම් වෙන්න උදව් දීමයි.

(පිංතූරය infolanka.com වේබ් අඩවියෙන්)

ඉතින් කන්තලේ ගිහින් උගන් වන්න වගේම, කන්තලේ යන්න බැරි උනත් ගෙදර ඉදන් ටියුට් එකක් නෙමෙ 10ක් හරි හදලා දෙන්න හැකි අයටත් උදව් වෙන්න පුලුවන්.

වයස් බේදයක් නැ, දැනට කැම්පස් ඉන්න අය, ගුරුවරු සහ ඔනම වෘතියක හෝ පසුගිය වර සා.පෙළ කළ අයටත් උදව් වෙන්න පුලුවන් තමන් ලග තියෙන යළි අවශ්‍ය නොවෙන අධ්‍යාපනික මූලාශ්‍ර ඒ දෙවල් ගන්න අවශ්‍ය නංගිලා මල්ලිට බෙදලා දීලා.

වැඩේ දැනට කන්තලේන් පටන් ගත්තට මේක මොනරාගල, වැල්ලවාය සහ රටේ අනෙකුත් පැතිවලත් ඉදිරියේදි ලැබෙන්නට නියමිත ලයිට් කණු ගැලවීමට අපි සූදානම්.

මේ වැඩෙ කරගෙන යන්න අවශ්‍ය ලියකිවිලි ද්‍රව්‍ය ඇපයිමෙන්ද, තමන්ගේ ගමේ මේ වගේ වැඩසටහනක් සූදානම් කිරීමෙන්ද ඔබට දායක වෙන්න පුලුවන්.
 
මෙම කාර්යය අකුර ව්‍යාපෘතිය හරහා අපි ක්‍රියාත්මක කිරීමට සූදනම් වන අතර මේ වැඩෙට සෙට් වෙන්න කැමති අය මේ ෆෝම් එක පුරවල ඔබට උදව් දෙන්න හැකි විදිය අපිට කියන්න.
 
මේ වැඩෙ කන්තලෙන් පටන්ගන්න විශෙෂ හේතුවක් නැ ඇත්තටම උදව් අවශ්‍ය දරුවෝ කොහෙත් ඉන්නව ලංකාවේ. නමුත් මේහෙම දෙයක් කලින් කරලා තිබ්බ ඉසුරු වෙලගෙදර මල්ලි  යෝජනා කලා එයාගේ ගමින්ම පටන්ගන්න.
 
ඉතින් අපි කන්තලෙන් පටන් අරගෙන මේක තවත් ව්‍යාප්ත කරමු!

Comments

Popular posts from this blog

හේරත් ගෙදර ගියා

2008 වසරේ දිනක මධ්‍යම පළාත් තොරතුරු තාක්ශන පුහුණු මධ්‍යස්්ථානයේ පැවති දින 5ක නේවාසික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළා. මේක කළේ සුෙච්ත ඔව් අර අලුත්ගම සින් එකට තනියම පිකට් කළේ එයා තමයි. මේ වැඩසටහනට විවිධ ගුරු චරිත එක්ව සිටියා. ඒ අය විවිධ වු හැකියාවන් වගේම ගති ගුණ තිබු අය. හේරත් සර් ඔවුන් අතරින් කෙනෙක්. නඩේ ගුරා මෙරට ‘පරිගණකයක් භාවිතයෙන්’ රජයේ පාසලක පරිගණක අධ්‍යාපනය ලබා දේ නම් ඒ සැම පාසලකම වගේ තොරතුරු තාක්ශන ගුරුවරු මෙන්ම අධ්‍යාපන විද්‍යාපිඨ වල පිරිස් ද මේ හේරත් චරිතය අනිවාර්යෙන්ම දන්නව. මොකද පාසල් වල වාර්ශික පරිගණක නඩත්තුව සදහා රට වටා යන ගුරුවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් මොහු. අැත්තටම මොහු ඒ ගමනේ නඩේ ගුරා කිවත් වැරදි නැ. කොට අදින අලි මේ පිරිස රටවටේ යමින් පැත්තකට විසි කර තිබු පරිගණකවලින් අඩකට වඩා සැම විටම යළි භාවිත කළ හැකි අයුරින් පිළිසකර කර දීමත්, පාසල් වලින් එන ගුරුවරුන් සහ දරුවන් සදහා තම දැණුම බෙදා දිමත් නොපැකිලව සිදු කරනව. නමුත් මේ මුදල් ඉතිරිය ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැක. බටා ගෙනව නේද? ඇත්තටම ගාල්ල අවට පුදගලික මට්ටමින් අප සංවිධානය කළ වැඩසටහන් ගණනාවකට නුවර සිට තම යතුරු …

අයියයි නංගියි

මධ්‍යම පලාතේ අපි දන්න රෝහලක ඇති ඉදිකිරීම් වැඩබිමක සේවය කරන නිමල්ගෙ මව මැතකදි මිය ගිය පසුව ඔවුන්ගෙ පියාගේ කුබුරු වැඩ අතරමග නවතින්නෙ උදව්වට තවත් කෙනෙක් නැති නිසා.  නිමල්ගෙ නංගි නදීශා 8වසරෙ ඉගෙනුම ලබන්නෙ නුවරට ආසන්න මධ්‍යමහා විද්‍යාලයක. ඇය ඉගෙනීමට දක්ෂයි.  සාමාන්‍යන්  කුඹුරට අයියල නංගිල ගියාට වැඩබිමකට අයියල නංගිලා යන්නෙම නැති තරම්. නමුත් නිමල් ඔහු දැනට වැඩ කරන වැඩබිමට තම නංගිවවරක් එක්කරගෙන යනව. ඒ අත් උදව් දෙන්න නම් නෙමෙ.
නිමල් එහෙම කරන්නෙ වැඩ බිමේ කටයුතු සිදුවන අයුරු පෙන්වීමට සහ එහි සේවය කරන ඉංජිනේරු මැඩම්ව පෙන්වන්න.  තම නංගිත් කෙදිනක හෝ ඉංජිනෙරු වරියක් වනු දැකීමට ඇති ආසාව නිසා ඇය දිරිමත් කිරීමටයි නිමල් මෙහෙම කරන්නෙ.
ඇත්තටම නිමල්ලා තව ගොඩක් සමාජයේ ඉන්නව, ඒ අයගෙන් අපි ඉගෙන ගත යුත්තේ මෙයයි.  ඔබට බාල සහෝදර සහෝදරියෝ නැතත් ඔබටත් පුලුවන් නිමල් කෙනෙක් වෙන්න. කෙනෙක්ට අත දෙන්න තවමත් ඔබ පමා නැ.

මෙය සත්‍ය සිදුවීමක් වන අතරම අද උදැසන සිංහල අවුරුද්දට සුබ පතන්නට අකුර හරහා ශිෂ්‍යත්වයක් ලබන දියනිකට සහ ඇගෙ පියාට දුරකතන ඇමතුමක් දුන් විට මට අහන්න ලැබුනු තොරතුරකි.

සුබ අලුත් අවුරුද්දක් වේවා!

සැ:යු: නම් මනක්කල්ප…

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා.

කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ..


උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග...



පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය


මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු වෙලා තවත් බාහිර පිරිස් සමඟ මේ වැඩේ අහවර කරගෙන. …