Skip to main content

ලංකාවේ තොරතුරු තාක්ෂණය, සීපා සහ සංවිධාන ගත වීම්



සටහනේ මුලින්ම පැහැදිලිව ලියන්නම්:
සීපා හෝ වෙනත් ඕනෑම ක්‍රියාවක් නිසා මෙරටට හානියක් වනවා නම් එයට මා එකඟ නැ!


Image: via PriyangaMahasen


කව්රු හරි සංවිධාන ගත වෙනවා නම් ලංකාවේ තොරතුරු තාක්ෂණිකයන් වෙනුවෙන්, ඒ වෙන්න ඔනා සීපා ඉලක්ක විරතක්ම නෙමෙ.
 

මොකද අපිට තිබෙන අවස්තා නැති වෙන්නේ සීපා හරහාම විතරක් නෙමෙ. උදාහරණයකට ලංකාවට එන ආයෝජකයින් ගෙන් කොමිස් මුදල් ගන්න ගිහින් ඒ ආයෝජන අපේ රටට නැති වෙනව වගේම ඒ සඳහා අවස්තාව යන්නෙ අනෙක් රට වලට. එහෙම වෙලාවට තමන්ගෙ පුද්ගලික දේශපාලන මතය වෙනුවෙන් කට-- වගෙන ඉන්නවනම් වැඩක් නැ.

එවගේම සිපාට අපි විරුද්යි කියන්න කලින් ගිවිසුමේ සත්‍ය සිංහල පිටපතක් සහ දමිළ පිටපතක් එලි දක්වා ඒ ඇත්තටම සීපා හරහා ඇතිව වන අවධානම ගැන කතා කරනවා විනා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයහදාගන්න ඉදිරියට එන අයට කඩෙ යන්න එපා.

ලංකාවේ තොරතුරු තාක්ෂණය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් වඩා හොඳ ආයෝජනයන්, පුහුණු ශ්‍රමිකයන් සහ මේ දෙපිරිසටම ගැලපෙන වඩා සුදුසු නියාමණයක් තියෙන්න අවශ්‍යයි.

පුහුණු ශ්‍රමිකයන් විදියට ගත්තම තොරතුරු තාක්ෂණය යටතේ වැටෙන සමහර අංශ සඳහා සුවිශේෂි දැණුමක් සහිත ශ්‍රමිකයන් අපේ රටේ සිටින්නෙ ඉතා අල්ප ප්‍රමාණයක්. එවගේම ඒ වැනි හිඩැස් පිරවීමට අවශ්‍ය ඕනෑම රටකින් මෙටට බුද්ධිගලනයක් අවශ්‍ය වෙනව.

මේ සඳහා ආසියාවේ දියුණු රටවල් පවා ශ්‍රී ලංකික වෘතිකයන් භාවිත කරන අතර එවැනි අවස්තාවක අදාල රටෙ රැකියාව කරන්න දෙන්නෙ අවට ගියාවට නෙමෙ යම් කිසි පිළිගත් සම්මතයන්ට සහ නීතිරීති වලට අනුකූලව.


එවගේම ඉංදියාවේ සිටින පෙට්ටිකඩ කරයා මෙහෙ ආවත් අභ්‍යවකාශ තාක්ෂණය හෝ න්‍යෂ්ඨික තාක්ෂණය වැනි ඉහළ සුදුසුකම් ලත් අය මෙහෙ එන්නෙ නැ. මොකද ලංකාවේ තොරතුරු තාක්ෂණි ආයතනයක් පටන්ගන්න අවශ්‍ය සුදුසු ශ්‍රමයක් නැති නම් ඉතින්  පෙට්ටි කඩයක් තමයි දාගන්න වෙන්නෙ. මොකද මෙහෙ ඇවිත් ලංකාවෙන් චන්ද්‍රිකාවක්වත් යවන්නද? 

මම මෙහෙම කිවේ අදාල ගිවිසුම සඳහා අපි සංවාදයක් ගොඩ නගද්දි රටට වෙන වාසි අවාස ගැන කතා කරනවා මිසක, තවත් රටක අපි වගේම සිටින පිරිසකට අපහාස කරන්න අවශ්‍ය නැ.

ලංකාවේ ගොඩක් අය ඉංදියාවේ උපාදි කඩ ගැන කතා කරනව, නමුත් එහෙම ලංකාවෙන් කතා කරන සමහර අයත් එවගේම කඩ වලින් ඉගෙන ගනිමින්ම කතා කරන එක විහිලු සහගතයි. ඇයි ලොව ශ්‍රේණිගත කිරීම් වලදි තොරතුරු තාක්ෂණික අංශයෙන් ඉංදියාවේ Indian Institute of Technology (IIT) විශ්ව විද්‍යාල කිහිපයක් ලොව හොඳම විශ්ව විද්‍යාල 100 ලැයිස්තුවේ ඉන්නව. නමුත් අපි ඉන්නෙ කොහෙද කියල අපි දන්නව නේද?

මේ කව්රුවත් ඉංදියානු සමාගම් හරහා ලොවට දායාද කළ කිසිදු සිවිශේෂ ව්‍යාපෘතියක් ගැන කතා කරන්නෙ නැ. ඒ මොකද, ඒ අය දන්නෙ තමන් කාගෙන් හෝ අහගත් අපහාසාත්මක කතන්දර මිසකම, තාක්ෂණයට ඔවුන්ගෙ ඇති දායකත්වය ගැන සඳහනක් ඇත්තෙම නැ. 

අපි රටක් විදියට කිසිම රටකට ආයෙත් යටත් වෙන්න වත්, අපේම රටේ දේශපාලකයින්හෝ වෙනත් කොටසකටවත් යටතෙ සිටින්න අවශ්‍ය නැ. අපි අනෙකුත් රටවල් සමඟ සුහදව කටයුතු කරමින් අපිට නැති සම්පත් වෙනත් රටක් හරහා මගහරවාගමින් අපි ඉදිරියට යන්න අවශ්‍යයි.

ලිංමැඩි දේශපාලකයින්ගේ හෝ ඔවුන්ට අනුගාමිකයන්ගෙ වීර සටන්පාඨ දැන් කරලියට එන මොහොතේ ඔබේ සිහිනුවනින් වඩා සුදුසු දේ කරන්න.


ජයවේවා!


 

Comments

Popular posts from this blog

හේරත් ගෙදර ගියා

2008 වසරේ දිනක මධ්‍යම පළාත් තොරතුරු තාක්ශන පුහුණු මධ්‍යස්්ථානයේ පැවති දින 5ක නේවාසික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළා. මේක කළේ සුෙච්ත ඔව් අර අලුත්ගම සින් එකට තනියම පිකට් කළේ එයා තමයි. මේ වැඩසටහනට විවිධ ගුරු චරිත එක්ව සිටියා. ඒ අය විවිධ වු හැකියාවන් වගේම ගති ගුණ තිබු අය. හේරත් සර් ඔවුන් අතරින් කෙනෙක්. නඩේ ගුරා මෙරට ‘පරිගණකයක් භාවිතයෙන්’ රජයේ පාසලක පරිගණක අධ්‍යාපනය ලබා දේ නම් ඒ සැම පාසලකම වගේ තොරතුරු තාක්ශන ගුරුවරු මෙන්ම අධ්‍යාපන විද්‍යාපිඨ වල පිරිස් ද මේ හේරත් චරිතය අනිවාර්යෙන්ම දන්නව. මොකද පාසල් වල වාර්ශික පරිගණක නඩත්තුව සදහා රට වටා යන ගුරුවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් මොහු. අැත්තටම මොහු ඒ ගමනේ නඩේ ගුරා කිවත් වැරදි නැ. කොට අදින අලි මේ පිරිස රටවටේ යමින් පැත්තකට විසි කර තිබු පරිගණකවලින් අඩකට වඩා සැම විටම යළි භාවිත කළ හැකි අයුරින් පිළිසකර කර දීමත්, පාසල් වලින් එන ගුරුවරුන් සහ දරුවන් සදහා තම දැණුම බෙදා දිමත් නොපැකිලව සිදු කරනව. නමුත් මේ මුදල් ඉතිරිය ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැක. බටා ගෙනව නේද? ඇත්තටම ගාල්ල අවට පුදගලික මට්ටමින් අප සංවිධානය කළ වැඩසටහන් ගණනාවකට නුවර සිට තම යතුරු …

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා.

කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ..


උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග...



පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය


මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු වෙලා තවත් බාහිර පිරිස් සමඟ මේ වැඩේ අහවර කරගෙන. …

ජාතිවාදය සහ අන්තර්ජාල නිදහස

තිස් වසරක යුද්ධයෙන බැටකැ රටක් ලෙස අමිහිරි අත් දැකීම් සහ කදුලු පිරිණු රටක් යළිත් ලේ විලක් බවට පරිවර්තනය වීම කිසී සේත්ම නොවිය යුත්තක්!

තම දේශපාලන, ව්‍යාපාරික සහ උද්ගලික අවශ්‍යතා සඳහා කෝටත් තෛලය ලෙස ජාතිවාදය ඈවිස්සීම අපේ රටේ සමහරක්ට සුලු දෙයක්.

අපි මොකක්ද බලා පොරොත්තු වෙන්නේ? සිංහල දෙමාපියන් යටතේ අපි ඉපදුන නිසා අපි අනෙක් ජාතීන්ට වෛර කරනවද?

මීට සති කිහිපයකට උඩ දී මේ දුපතේ ජනප්‍රිය පුවතක් වූයේ සිංගප්පුරු රජය තම අයවැයෙන් පසුව 2018 වසර සඳහා සිංගප්පුරූ ඩොලර් 300ක් බැගින් තම රට වැසියන්ට "Hongbao" නම් වූ බෝනස් එකක් ලෙස බෙදා දීමයි.

මෙහි දි සත්‍යලෙසම සිදු වූයේ වාර්ශික ආදායම සි.ඩොලර් 28,000ට අඩු නම් සි.ඩොලර් 300ද, වාර්ශික ආදායම සි.ඩොලර් 28,001 ත් - 100,000ත් අතර නම් සි.ඩොලර් 200  වාර්ශික ආදායම සි.ඩොලර් 100,000ට වැඩි නම් සි.ඩොලර් 100ක්ද ලෙසයි.
අපේ අය මේයට හේතුව ලෙස දැක්කේ සිංගප්පුරු රජයේ සියලුම අමාත්‍ය වරුන් උපාධි ධාරින් වීමයි.

එතකොට රටේ වෙන කිසිදු වෙනසක් නැද්ද?

සරලව පවසනවා නම් දෙවන ලෝක යුද්ධයේදි (1942-1945) ජපාන අධිරාජ්‍යා යටතට පත්වන සිංගප්පුරුව යුද්ධය අවසන් වෙත්ම බ්‍රිතාන්‍ය පාලනයටත්…