Skip to main content

දැයට කිරුළ ප්‍රදර්ශනයේදි හන්තාන සමඟින් විදින්න නිදහස...

64 වන නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේදි පැවැත්වෙන "දැයට කිරුල 2012" අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයේදි ,නිදහස් සහ විවෘත මෘදුකාංග සහ හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පිළිබඳ දැණුවත් කිරීම සඳහා හන්තාන ලිනක්ස් කණ්ඩායම පෙබරවාරි 7 සහ 8 දෙදින තුළ ,දැයට කිරුල භූමියේදි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිත ආයතනයේසහයෝගීත්වයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙහි දී , එකවර සිය දෙනෙකුට සහභාගි විය හැකි දේශන මාලවන් පැවැත් වීම, පරිගණක තුළ ස්ථාපිත නිදහස් සහ විවෘත මෘදුකාංග භාවිතයට අවස්ථාව ලබා දීම මෙන්ම තමන්ට ඇති ගැටලු පිළිබඳ විමසීමටද අවකාශ ලැබේ.

දේශන මාලාවන් තුළදි පහත මාතෘකා පිළිබඳ දැණුවත් කරනු ලැබේ.

  • නිදහස් සහ විවෘත මෘදුකාංග
  • අධ්‍යාපනය සඳහා නිදහස් සහ විවෘත මෘදුකාංග
  • හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය
  • නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති සඳහා දායක වීම
  • ICTA ආයතනය මඟින් දියත් කළ සහ අනුග්‍රහය දැක් වූ නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති

මෙලෙස නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුම ලබා ගැනීම සඳහා දැයට කිරුල ප්‍රදර්ශන භූමියේ ඇති ICTA ආයතනයේ ප්‍රදර්ශන කුටියට පෙබරවාරි මස 7 සහ 8 දිනයන් තුළ පැමිණිමට අමතක කරන්න එපා. තවද උතුරු මැද පලාත ආශ්‍රිත පාසැල් ගුරුවරුන්ට සහ සිසුන්ටත්, මෙම ප්‍රදර්ශනය බැලීමට බලාපොරොත්තු වන හිතමිතුරන්ට මේ පිළිබඳව දැන්වීමට කාරුණික වන්න.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයෙ තොරතුරු තාක්‍ෂණ ඒකකයේ ප්‍රදර්ශණ කුටිය තුළදීද නිදහස් සහ විවෘත මෘදුකාග පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිතයි.

දැයට කිරුල නිමිත්තෙන් හන්තාන ලිනක්ස් 15.5 නිකුත් කර ඇති අතර දැයට කිරුල ප්‍රදර්ශන භුමියේදි මෙම නිකුතුව ලබා ගැණීමට අවශ්‍ය පහසුකම් ඉක්ටා ආයතනය මඟින් සලසා ඇත. නව නිකුතුව ලබා ගැණීමට මෙම සබැඳියට පිවිසෙන්න. හන්තාන කණ්ඩායම වෙනුවෙන් ඩනිෂ්ක, බන්දුල, කල්හාර සහ හිරන්‍ය දැයට කිරුල ප්‍රදර්ශන භූමිය තුළ දි ඔබට සහාය වනු ඇත.

Comments

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක