Skip to main content

Stockholm ගියත් සිංහලට හිතැති....

ශ්‍රි ලංකාවෙන් ලොවට දායාද කළ අනගි නිදහස් මෘදුකාංගයක් වන "සහන Sahana" දැන් සිංහලින්. මෙහි විශේෂත්වය වන්නේ ආපාදා කළමණාකරනය සඳහා කැපවීමයි. 2004 වසරේ සුනාමියේදි පටන් මෙවන විට ලොවපුරා ආපදා අවස්ථාවන්හිදි අදාල සහන සේවාකටයුතු කළමණාකතනයට මෙහි වටිනාකම අද වන විටම මුලු ලොවම හදුනාගෙන ඇත. එපමණක් නොව අද ශ්‍රි ලාංකික නොවන මෘදුකාංග සංවර්‍ධකයින්ද සහනට සවිය දෙන්නේ එහි නොමිලේ ලැබෙන සේවය නිසාවෙනි.



කියවලම බලන්න විකිපිඩියාවෙහි තියෙන තොරතුරු
ඇගයුමට ලක්වු අවස්ථා...
* Free Software Foundation Award for Social Benefit - March 2007
* BBC TV Documentary the "Code Breakers"
* Sourceforge Project of the Month - June 2006
* Software 2006 Good Samaritian Award
* Red Hat User Awards
* Wikipedia Reference to FSF Award for Projects of Social Benefit
* Stockholm Challenge Finalist



මෙවර Google Summer of Code සඳහා ශ්‍රි ලංකාව සම්පත් දායකයින්ගේ ප්‍රමාණය අනුව හොදම රටවල් දහය අතරට පත්ව ඇති අතර සහන වෙතින්ද නව දෙනෙකු ඉදිරිපත්ව ඇති බවයි ආරංචි.



පසුගිය දිනකදි රාජකාරි ස්ථානයේදි ඉංදියානුවකු මගින් ලැබුණු විද්‍යුත් තැපැලක දක්නට තිබුනේ සහන GIS හා සම්බන්ධ පුහුණුවීම්ද ලබාදෙන බවයි.
( කාටද ආඩම්බර :D )

ජාත්‍යන්තර සම්මාන, සහ ගෞරවයට ලක්වු සහනට සවිය දෙන අපේ අයට..
චමින්ද්‍ර, ප්‍රදීප, ඉශාන්, රවිත්, රවිනද්‍ර, මිෆාන්, ප්‍රියංග..
දිගු ගමනකට සුභාසිරි!!

http://wiki.sahana.lk/doku.php

Comments

  1. ඇත්තටම සහන ව්‍යාපෘතිය අපේ රටට ආඩම්බරයක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක